ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධනට එක්දින කඩුළු 100ක් දවාගත් සහ එක්දින ලකුණු 1,000 පසු කළ ප්‍රථම ලාංකීය ක්‍රීඩිකාව ලෙස ඊයේ (20) ක්‍රිකට් පෝත් අලුත් කළාය.
තරග හතරකින් යුත් එක්දින තරගාවලියේ සිව්වැනි එක්දින තරගය ලකුණු 31න් ජයග්‍රහණය කරමින් තරගාවලිය 3-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල ඊයේ (20) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සමත් වූ අතර එම තරඟාවලියේ දෙවැනි තරගයේදී ශෂිකලා සිය සියවැනි කඩුල්ල ලබා ගත්තාය.
තරගාවලියේ ජය සංකේත ප්රදානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් විශේෂ සම්මානයක් පිරිනැමීම සිදුවිය. එමෙන්ම දෙවැනි එක්දින තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද ශෂිකලා සිරිවර්ධන සම්මාන හිමිකර ගනු ලැබුවාය.
තිස් හැවිරිදි ශශිකලා වසර 2003 දී කොදෙව් පිළට එරෙහිව කින්ග්ස්ට්වුන්හි පැවති තරඟයකදී එක් දින පිටිය පා තැබූ අතර ඇය මේ වනවිට එක්දින තරග 87කට සහභාගී වෙමින් ලකුණු 1,554 සහ කඩුළු 101ක් දවාගෙන ඇත.









