ජනාධිපති ලේකම් කාර්යාලයේ 2012 වසරේ සිට 2015 වසර දක්වා ලිපි ලේඛණ අඩංගු මල්ලක් කාරයකින් පැමිණි පුද්ගලයකු විසින් බොරැල්ලේ පිහිටි පරණ පත්තර එකතු කරන කඩයකට විකුණා තිබියදී බුද්ධි අංශ නිලධාරීන් විසින් එය අද (18) පස්වරු 3.00ට පමණ ඔවුන්ගේ භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අද පෙරවරුවේ කාරයකින් පැමිණි පුද්ගලයකු එම ලිපි ලේඛන සහිත මල්ල වෙළෙන්දාට ලාබා දී තිබේ. මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කර ඇති බවත් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
Views: 0









