රුසියානු රොකට්ටුවක් ගුවනේදී විනාශ වෙයි

පසුගිය සෙනසුරාදා කසකස්ථානයෙන් ගුවන්ගත කළ රුසියානු පෝර්ටොන් – එම් නැමැති  බඩු බාහිරාදිය රැගෙන යන රොකට්ටුව නිසිපරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගුවනේදී විනාශ වූ බව වාර්තා වේ. මෙම රොකට්ටුවේ ගෙන යනු ලැබ ඇත්තේ මැක්සිකානු චන්ද්‍රිකාවක් වන අතර කිලෝ මීටර් 100ක් පමණ ඉහළ අහසේදී එය පුපුරා විනාශ වී තිබේ.

ලොව ප්‍රධානතම සන්නිවේදන සැපයුම්කරුවකු වන රුසියාව වෙනත් රටවල වාණිජ චන්ද්‍රිකා ගුවන්ගත කිරීම හරහා විශාල විදෙස් විනිමයක් උපයාගනී. ආසන්න කාලය තුළදී අවස්ථා කිහිපයකදීම මෙවැනි අභ්‍යාවකාශ ගුවන්ගත කිරීම් කිහිපයක් අසාර්ථක වූ අතර ඒ පිටුපස කිසියම් කඩාකප්පල් කාරී මැදිහත් වීමක් ක්‍රියාත්මක විය හැකි බවට මාධ්‍ය වාර්තා කරයි.

Facebook
Twitter
LinkedIn