හෙරොයින් ජාවාරමේ ප්‍රධානියකු ලෙස පකිස්ථානයේදී අත්අඩංගුවට ගනු ලැබූ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය අද (18) විවෘත අධිකරණයේදී කියවා ප්‍රකාශයට පත් කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය ඉදිරියේදී අද නඩුව කැඳවා චෝදනා පත්‍රය කියවා ඇති අතර ලබන අගෝස්තු මස 10 වැනි දින දක්වා නඩු විභාගය කල් දැමීමටත් එතෙක් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබන ලෙසත් දන්වා තිබේ.
අද දිනයේම වෙලේ සුදාට එරෙහි තවත් නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා හමුවේ කැඳවනු ලැබුවේ 2010 වසරේදී ගල්කිස්ස පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 7ක් හා මිලි ග්‍රෑම් 500ක් ලඟ තබා ගැනීමේ වරදටය. එහෙත් එම නඩුවට අදාළ පොලිස් පරීක්ෂණ වාර්තා අස්ථාන ගත වී ඇති බව ගල්කිස්ස කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකරණයට දන්වා තිබේ.
මේ අතර ඊයේ (17) දිනයේදී වෙලේ සුදාගේ සොහොයුරා වන ගම්පොළ විදානගේ ඉන්දික (35) නැමැති පුද්ගලයා මත් කුඩු සමග කොහුවලදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 300 ක් ඔහු සන්තකයේ තිබූ බවත පොලිසිය පවසයි.









