මධ්‍යම පළාතට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ මහජන සම්බන්ධීකරණ කාර්යාල විවෘත කිරීම් පසුගිය 16 වැනි දින හා 17 වැනි දින සිදු කෙරිණි.
පසුගිය 16 වැනි දින මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලය එම පක්ෂයේ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාගේ හා මහනුවර දිස්ත්‍රික් සංවිධායක ගයාන් ජානක මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය කෙහෙල්වලදී සිදු කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ආසනයේ සම්බන්ධීකරණ කාර්යාලය පසුගිය 17 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අංක 23, වටරවුම පාර, හැටන් යන ලිපිනයේදී විවෘත කිරීම සිදු කෙරිණ.
මෙම සම්බන්ධීකරණ කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවන්ට එම පක්ෂයේ නුවර හා නුවරඑළි දිස්ත්‍රීක්කවල සාමාජිකයින් විශාල පිරිසක්ද සහභාගී වී තිබේ.




නුවරඑළිය මහජන සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව 












