වතිකානයේ සංචාරයක නිරත වූ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් එහිදී ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවීමෙන් අනතුරුව පාප්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මහමුද් අබ්බාස් සාමයේ සුර දූතයකු වන බවය.
අබ්බාස් හා ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර සාකච්ඡ විනාඩි 20ක කාලයක් පැවති අතර එම හෘදයාංගම කතාබහ අතරතුරදී පලස්තීනයේ පිහිටි කතෝලික පල්ලියේ කටයුතු පිළිබඳවද සාකච්ඡා පවත්වා තිබේ. පාප් වහන්සේ මෙහිදි අවධාරණය කර ඇත්තේ පලස්තීනය හා ඊශ්‍රායලය අතර ගැටුම්වලට කඩිනම් හා ස්ථීරසාර විසදුමක් සඳහා සාකච්ඡා සිදු විය යුතු බවට අවධාරණය කර තිබේ.
ලෝකයේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් මැද නිර්මාණය කර තිබෙන යුද ගැටුම් අවස්ථා ගණනාවකදී පාප්වහන්සේගේ විවේචනයට ලක්වී තිබේ. විශේෂයෙන්ම කියුබාව කෙරෙහි ඇමෙරිකානු ප්‍රතිපත්ති හා සම්බාධක විවේචනයට ලක්කරමින් පාප්වහන්සේ ප්‍රකාශයන් නිකුත් කර තිබිණි. එසේම මහමුද් අබ්බාස්ගේ වතිකානු සංචාරයට දින තුනකට පෙර පලස්තීන රාජ්‍යය රාජ්‍යතාන්ත්‍රිකව පිළිගැනීමට වතිකානුව කටයුතු කර තිබේ.
පාප් වහන්සේගේ මෙම ප්‍රකාශයට හා පලස්තීන රාජ්‍ය පිළිගැනීම පිළිබඳව දැඩි විරෝධයක් දක්වා ඇති ඊශ්‍රායලය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.









