ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගතකරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගතකරයි

ශ්වසන ආසාදනයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේදී රෝහලේ ගතකර ඇති බව වතිකානුව ප්‍රකාශ කරයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ‌ මේ වන විට 86 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු පසුගිය දිනකිහිපයක් තිස්සේ හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙලී ඇති බව අනාවරණය වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහු රෝහල් ගතකර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට තීරණය කර තිබේ.

ඉදිරියේදී පාස්කු සති අන්තය මෙන්ම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වසරේ කාර්යබහුලම කාලය මෙය වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්