මැයි මස 167 වන දින සිට දින 14ක කාලයක් මුලතිව් පොලිස් බල ප්‍රදේශය තුළ යුද සමරු වැඩසටහන් පැවැත්වීම තහනම් කරමින් මුලතිව් දිසා විනිසුරු එම්.එච්.ඩී.එන්. සම්සුදීන් මහතා නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව හෙට (18) දිනයේදී මුලතිව්හි පැවැත් වීමට සූදානම් කර තිබූ සමරු උත්සව පැවැත්වීමට ඉඩක් නැතැයි මුලතිව් පොලිසිය පවසයි. මුලතිව් පොලිසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ. උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි යුද්ධයෙන් මියගිය සියලු දෙනා සැමරීම වෙනුවෙන් අනෙකුත් ප්‍රදේශයන්හිදීද උත්සව පැවැත්වීමට සූදානම් කර තිබේ.
Views: 0








