සියත ටෙලි වැකියට එරෙහි ආණ්ඩුවේ වරප්‍රසාද යෝජනාව සම්මතයි

සියත ටෙලි වැකියට එරෙහි ආණ්ඩුවේ වරප්‍රසාද යෝජනාව සම්මතයි

සියත රූපවාහිනියේ ටෙලි වැකිය විශේෂාංගය ඉදිරිපත් කළ මාධ්‍යවේදියාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් ඉදිරිපත් කළ “මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීම සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම” පිළිබඳ යෝජනා සම්මතය වැඩි ඡන්ද 32කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 75ක් ලැබී ඇති අතර ඊට විරුද්ධව ඡන්ද හතළිස් තුනක් ලැබී තිබිණි.

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය ඇතුළු විප්කෂයේ පක්ෂවල මන්ත්‍රීවරුන් විසින් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn