හර්ෂ ද සිල්වා රනිල්ට ප්‍රශංසා කරයි

හර්ෂ ද සිල්වා රනිල්ට ප්‍රශංසා කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ ණය පහසුකමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය ප්‍රශංසාව පළ කර තිබේ.

ට්විටර් ඔස්සේ අදහස් පළ කරමින් ඔහු පවසා ඇත්තේ, “දේශපාලනික වෙනස්කම් පසෙක ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උත්සහය අගය කරන බව”ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ දායකත්වය සහ මහ බැංකු අධිපතිවරයාගේ වෘත්තීයමයභාවයද අගය කරන බවද ඔහු සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn