IMF ණය හිලව්වට ඇමරිකාවේ ඉල්ලීම් 04ක් – ජී. වීරසිංහ

IMF ණය හිලව්වට ඇමරිකාවේ ඉල්ලීම් 04ක් – ජී. වීරසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලංකාවට ලබාදීමේදී බහුතරයක් නියෝජනය කරන්නේ ඇමරිකාව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය හිලව් කරගැනීම වෙනුවෙන් ඇමරිකාව ඉල්ලීම් 04ක් ලංකාවෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ පවසයි.

“• මේ චෝදනා ඔබ එල්ල කරන්නේ සාක්ෂි ඇතුව ද?

ඇමරිකාවේ කණ්ඩායම් දෙකක් පසුගිය කාලයේ දී අවස්ථා දෙකක දී ලංකාවට ඇවිත් ගියා, ඒ සමහර ආපු අවස්ථාවල රෙකෝඩ් පවා ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නැහැ. ඒ කණ්ඩායම් කොළඹ හයිවේ එක වහගෙන තමයි කොළඹට ආවේ. අපට ආරංචි විදියට ඇමරිකාවෙන් ඉල්ලීම් හතරක් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් වී තිබෙනවා. IMF ලංකාවට ලබා දීමේ දී බහුතරයක් නියෝජනය කරන්නේ ඇමරිකාව නිසා අපට විශාල අභියෝගයක් එල්ලවී තිබෙනවා.

ඇමරිකාව අපෙන් ඉල්ලා සිටි කාරණා විදියට අපට ආරංචි වන්නේ ඒ අය සූදානම් අපි එක්ක එකතු වෙලා බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමට, ඒ වගේම ලංකාවේ ජීව විද්‍යාත්මක තොරතුරු ලබා ගැනීමට ඇමරිකාවටත් අවස්ථාවක් ලබා ගැනීම මුහුදු යට සන්නිවේදන කේබල් වල තොරතුරු සඳහා ඒ අයත් සම්බන්ධකර ගැනීම, සෝපා ගිවිසුම සක්‍රීය කර ගැනීම හෙවත් ඇමරිකන් හමුදාවටත් ලංකාවට පැමිණ නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගාගැනීම ත්‍රිකුණාමලයේ ඇමරිකන් හමුදා කඳවුරක් ඉදිකර ගැනීම.

අපි විශ්වාස කරන විදියට ඉන්දියානු සාධකය අපි නොසළකා හැරියොත් ඉන්දියාව අප සමඟ තරහා වෙනවා. මේ පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් විය යුතුය. ඇමරිකානු නියෝජිතයන්ගේ පැමිණීම අපි ප්‍රශ්න කරන්නේ ඒ නිසයි. අපේ රටට ඇතිවී තිබෙන තර්ජනය අප තේරුම් ගත යුතුයි. අපි අපේ රට බේරා ගැනීමට දෙවන නිදහස් අරගලයක් කළ යුතුයි.”

ඔහු මේ බවපවසන්නේ ලංකාදීප පුවතේ අමිල චින්තක ගමගේ සමග පවැති සාකච්ඡාවකට එක්වෙමිණි.

Facebook
Twitter
LinkedIn