ඡන්ද දිනය ලබන සතියේ කියනවා – මැතිවරණ කොමිසම

ඡන්ද දිනය ලබන සතියේ කියනවා – මැතිවරණ කොමිසම

මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය පිළිබඳව අද (03) ප්‍රකාහයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග දැනට කල් දමා ඇති මැතිවරණය පවත්වන දිනය පිළිබඳව ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබුණේ අද (03) දින මැතිවරණ කොමිසම රැස් වී මැතිවරණ පවත්වන දිනය පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත්කරන බවය.

මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කරන්නේ අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මුදල් ඇමති රනිල් වික්‍රමසිංහට සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳව සැලකිල්ලට ගෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු ඡන්දයක් පැවැත්වීමට අදාළ වන පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවය.

ඒ අනුව අදාල සාකච්ඡාව ලබන සතියේ සිදුකිරීමෙන් පසු මැතිවරණය පවත්න දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්