18ට අඩු අය සඳහා TikTok සමාගම තිර කාල සීමාවක් සකසයි

18ට අඩු අය සඳහා TikTok සමාගම තිර කාල සීමාවක් සකසයි

වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා TikTok භාවිත කළ හැකි කාලය සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, එම පරිශීලකයින් සඳහා මිනිත්තු 60ක දෛනික තිර කාල සීමාවක් සකස් කරනු ඇති අතර කාල සීමාව ඉක්මවා ගිය පසු එම පරිශීලකයින්ට අදාළ දිනය තුළ TikTok තවදුරට ත් භාවිත කිරීම සඳහා රහස් කේතයක් ඇතුළත් කිරීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත්, ඔවුන්ට අවශ්‍ය නම් මෙම සීමා කිරීමෙන් වැළකී සිටිය හැකි අතර, මිනිසුන්ට ඔවුන්ගේ භාවිතය පාලනය කිරීමට උපකාර කිරීම සඳහා මෙම විශේෂාංගය හඳුන්වා දෙන බව TikTok සමාගම සඳහන් කර ඇත.

එය භාවිත කිරීම සඳහා පරිශිලකයින් අවම වශයෙන් 13 හැවිරිදි විය යුතු අතර මෙම නව විශේෂාංගයේ කොටසක් ලෙස, වයස අවුරුදු 18ට අඩු ඕනෑ ම කෙනෙකුට “ඔවුන්ගේ තිර කාලය නැවත සලකා බැලීම” සඳහා සතිපතා දැනුම්දීමක් ලැබෙනු ඇතැයි TikTok සමාගම ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn