පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන මැතිවරණ කොමිසමේ තීරණය අද (03) ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා පසුගිය දා සඳහන් කළේ, පවතින තත්වය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද දින පවත්වන සාකච්ඡාවේදී තීරණයකට පැමිණීමට නියමිත බවය.
0










