විදුලි බිල ඉහළ නැංවීම, බදු ඉහළ නැංවීම, මැතිවරණය නොපැවැත්වීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය පසුගිය 26 පස්වරුවේ ආරම්භ කළ සාමකාමී විරෝධතා පෙළපාලිට කැරලි මර්ධන පොලිසිය යොදවා ජල හා කඳුළුගෑස් ප්‍රහාරයත් බැටන්පොලු පහාරත් එල්ල කර 28 දෙනෙකුට තුවාල සිදු කර එක් අයෙකු ජීවිතක්ෂයට පත් කිරීමත් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විසින් අද (02) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිනිලි දෙකක් ගොනු කර තිබේ.
මෙම මිලේච්ඡ ප්‍රහාරයෙන් මිය ගිය නිමල් අමරසිරි වෙනුවෙන් සහ එහිදී ප්‍රහාරයට ලක්වූ නීතිඥ සඳුන් යාපා කරුණාරත්න වෙනුවෙන් එම ප්‍රහාරයේ අනීතික බව පෙන්වා දෙමින් අද පස්වරු 2.00ට මානව හිමිකම් කොමිසම වෙත මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ අයෙකු මේ වනවිටත් ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති සී.ඩී වික්‍රමරතන, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 20 දෙනෙකු මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
වගඋත්තරකරුවන්
- විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.
- සී.ඩී. වික්‍රමරත්න, පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.
- ටී.එන්.ඩබ්. දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත), නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අංක 331, ඕල්කට් මාවත, කොළඹ 11.
- බිම්බානි ජයසිංහ, නියෝජ්‍ය පොලිස්පති, මහජන සාමය කළමනාකිරීමේ අධ්‍යක්ෂක, ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, කොළඹ 04.
- සී.ඒ. අබේසිරි ගුණවර්ධන, සහකාර පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අංක 331, ඕල්කට් මාවත, කොළඹ 11.
- ස්ථානාධිපති, පොලිස් ස්ථානය, මරදාන.
- ස්ථානාධිපති, පොලිස් ස්ථානය, කොම්පඤ්ඤවීදිය.
- ස්ථානාධිපති, පොලිස් ස්ථානය, කොටුව.
- ස්ථානාධිපති, පොලිස් ස්ථානය, වෙරළබඩ.
- ස්ථානාධිපති, පොලිස් ස්ථානය, කිරුළපන.
- ස්ථානාධිපති, පොලිස් ස්ථානය, කුරුඳුවත්ත.
- ස්ථානාධිපති, පොලිස් ස්ථානය, වේල්ල වීදිය, කොළඹ 12.
- ස්ථානාධිපති, පොලිස් ස්ථානය, ආමර් වීදිය, කොළඹ 13.
- ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ආර්. සෙනරත්, සහකාර පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අංක 331, ඕල්කට් මාවත, කොළඹ 11.
- පී.ටී. සිසිර පෙන්තතන්ත්‍රී, පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අංක 331, ඕල්කට් මාවත, කොළඹ 11.
- ඩබ්.කේ.ජේ. රොෂාන් ඩයස්, ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අංක 331, ඕල්කට් මාවත, කොළඹ 11.
- පී.එම්.ආර්. අඹේපිටිය, ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අංක 331, ඕල්කට් මාවත, කොළඹ 11.
- ඒ.පී.ජේ. චන්ද්‍ර කුමාර, නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අංක 331, ඕල්කට් මාවත, කොළඹ 11.
- රජීව් සම්පත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක, ස්ථානාධිපති, කැරලි මර්ධන ඒකකය, පොලිස් මූලස්ථානය කොළඹ 01.
- දිල්රුක් අබේසිරිවර්ධන, සහකාර පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අංක 331, ඕල්කට් මාවත, කොළඹ 11.











