ඡන්දය කල් දැමීම ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

ඡන්දය කල් දැමීම ගැන මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි එම කොමිසම අවධාරණය කරයි.

මැතිරණ කල්දැමීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් වී ඇතැයිද අදාළ පැමිණිලි මත පදනම්ව මෙම විමර්ශනය ආරම්භ කිරීමට පියවර ගන්නා බවද එම කොමිසම සඳහන් කරයි.

මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත අවධාරණය කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් මූලික කරුණු විමසීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට කැඳවීමක් කළ බවය.

නමුත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දැනට පවතින අධිකරණ කටයුතු හේතුවෙන් වෙනත් දිනයක් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලා ඇති බවද එම ප්‍රකාශකවා සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn