මැතිවරණය කල් දැමීමට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන්න… ජාතික භික්ෂු පෙරමුණ මහානාහිමිවරුන්ගෙන් ඉල්ලති..

මැතිවරණය කල් දැමීමට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන්න… ජාතික භික්ෂු පෙරමුණ මහානාහිමිවරුන්ගෙන් ඉල්ලති..

කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කරමින් ජනමතය ප්‍රකාශ කිරීමට ඉඩ නොතබා ප්‍රජාතන්ත්‍රවදය ව්‍යසනයකට ලක්කිරීම සඳහා ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා අශීලාචාර උත්සාහයට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කොට ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජාතික භික්ෂු පෙරමුණ ත්‍රෛනිකායකි මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති.

ඒ, ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමි, සභාපති පූජ්‍ය හදුගල රතනපාල හිමි ප්‍රමුඛ ජාතික භික්ෂු පෙරමුණේ නියෝජිත භික්ෂූන් වහන්සේ පිරිසක් අද (02) දින ත්‍රෛනිකායකි මහා නායක හිමිවරු බැහැදැකීමට මහනුවරට වැඩම කළ අවස්ථාවේදීය.

උන්වහන්සේලා අද මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු මුණ ගැසී මේ ඉල්ලීම සහිත සංදේශයක්ද භාර දී තිබුණහ.

උක්ත සංදේශ භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ,

Facebook
Twitter
LinkedIn