ආජන්ටිනාවේ ඇති වූ ගින්නකින් ජාතික විදුලිබල පද්ධතියේ අඩකට වඩා විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ.
මෙම විදුලිය බිඳවැටීම ආජන්ටිනාවේ අගනුවර වන බුවනෝස් අයර්ස් ඇතුලු අනෙකුත් ප්‍රධාන නගර සහ ගම්බද විශාල ප්‍රදේශයකට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් බලපා ඇති අතර ආර්ජන්ටිනාවේ තාප තරංග සහ නියඟය සහිත උණුසුම් කාලගුණය මධ්‍යයේ මෙම විදුලිය ඇනහිටීමට හේතු වූ ගිනි ගැනීම් ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කරයි.
විදුලිය ඇනහිටීමත් සමඟ පාසල් සහ ව්‍යාපාර අත්හිටුවා වසා දමා ඇති අතර ඇතැම් ප්‍රදේශවල දෛනික ජීවිතය ඇනහිට ඇත. බොහෝ දෙනෙකුට වායු සමීකරණ හෝ ශීතකරණ නොමැතිව යාමට හේතුවෙන් දැඩි අපහසු තාවයකට පත්ව ඇතැයිද වාර්තා වේ.
1










