මේ වනවිට මැතිවරණ කොමිසම විසින් කැඳවා ඇති පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව බව වාර්තා වේ.
එම පෙත්සම හෙට එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු ලැයිස්තුවේ සඳහන් කර තිබේ.
එම පෙත්සම ඉකුත් 10 වනදා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වැඩිදුර සලකා බැලීම ලබන 23දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබිණි.
එබැවින් අදාළ පෙත්සම ලබන 23 වනදාට පෙර කැඳවන ලෙස ඉල්ලමින් එම කර්නල් විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ගොනුකරනු ලැබන ඇති පසුබිම යටතේ අදාළ පෙත්සම හෙට දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
2









