දරු කුසගිණි නිවීමට කොස් කඩන්න ගිය තිදරු මව ගසෙන් වැටී මරුට

දරු කුසගිණි නිවීමට කොස් කඩන්න ගිය තිදරු මව ගසෙන් වැටී මරුට

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ නාරංවිට බණ්ඩාරවත්ත පදිංචි බෝපාවිට ගෙදර ශාන්ති කුමාරී නැමති පනස් හැවිරිදි සිව් දරු මවකි.

ඇයට ගැහැනු දරුවන්ම සිව් දෙනකු සිටින අතර ඉන් තිදෙනකුම පාසල් යන වයසේ පසුවෙති.

ඇගේ සැමියා පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන අතර මියගිය තැනැත්තියට රැකියාවක් නොමැති බවද අනාවරණය විය.

සැමියා උපයන සුළු ආදායම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීම නිසා පාසල් ළමුන්ගේ උපකරණ සැපයීම, ආහාර සපයාගැනීම, බෙහෙත් ගැනීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී අසීරු තත්වයක මොවුන් සිට ඇත.

බොහෝ ආහාර වේල් සපයා ගැනීම සඳහා කොස් පොළොස් සොයා ගැනීම මෙම මව සිදුකර ඇති අතර පසුගිය 10දාද ඇය ඒ අනුව දහවල් ආහාර වේල සකසා ගැනීමට උත්සාහ කරමින් සිට ඇත.

නිවස අසළ කොස් ගසේ ගෙඩියක් තිබෙනු දැක එය කඩා ගැනීමට ඇය විවිධ උත්සාහයන් දරා ඇත. දිගු රිටකට පිහියක් බැන්දද එයට වඩා උසින් කොස් ගෙඩිය තිබෙන නිසා ඒ දේ ඉටුකර ගැනීමට නොහැකි වී තිබේ. ඇය කොස් ගස අසළ ඇති සාදික්කා ගසට නැඟ මෙම ගෙඩිය කැඩීම උත්සාහ කර ඇත.

සියලු උත්සාහයන් දැරුවද එය අසාර්ථක වුවද දරුවන්ගේ කුස ගිනි ගැන සිතූ ඇය කොස්ගෙඩිය කැඩීමට කොස් ගසට නැග තිබේ.

ඒ සමඟ ලොකු ශබ්දයක් ඇසී දරුවන් ගස යටට පැමිණෙන විට ඇය ගස ළඟ වැටී සිටින බව දැක ගම්වාසීන්ගේ සහාය ලබාගෙන ඇය ගම්පොල රෝහලට රැගෙනවිත් ඇත.

දින පහක් පමණ ඇය රෝහලේ ප්‍රතිකාර ලබා ඇති ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

Facebook
Twitter
LinkedIn