පොල්පිටිය “සමනළ” ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය ඊයේ (18) සිට තාවකාලිකව නතර කර තිබේ.
ඒ විදුලි උත්පාදක යන්ත්‍රවල සිදු කරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් බව වාර්තා වේ.
“සමනළ” ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 75ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන අතර, ලක්ෂපාන ජල විදුලි බලාගාරයෙන් ජල විදුලි උත්පාදනය සදහා ලබා ගන්නා ජලය ලක්ෂපාන පොකුණු ජලාශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ සමනළ ජල විදුලි බලාගාරය වෙත රැගෙන යනු ලබයි.
“සමනළ” ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති නිසා ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයෙන් පසු එම ජලය කැළණි ගඟට මුදා හැරීමට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ පාලන අධිකාරිය පියවර ගෙන තිබෙන අතර “සමනළ” ජල විදුලි බලාගාර යතාතත්වයට පත් කළ පසු යළි එම ජලය එම බලාගාරය වෙත රැගෙනයාමට නියමිතය.
0









