උතුරු කොරියානු නායකයාගේ පළමු විදෙස් සංචාරය රුසියාවට

මැයි මස 9 වැනිදා රුසියාවේ මොස්කව් නගරයේදී පැවැත්වීමට සූදානම් කර ඇති දෙවන ලෝක යුද ජයග්‍රහණය සැමරීමේ උත්සවයට උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් උන් මහතාට සහභාගී වන ලෙස මොස්කව් බලධාරීන් ආරාධනා කර තිබේ.

මෙම සැමරුම් උත්සවය සඳහා වන ආරාධනාව උතුරු කොරියානු නායකයා පිළිගෙන ඇති අතර ඔහුගේ සහභාගීත්වය පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් මෙතෙක් සිදු වී නොමැත.

උතුරු කොරියාවේ නායකත්වය කිම් ජෝන්ග් උන් පත්වීමෙන් පසුව මෙතෙක් කිසිදු විදෙස් සංචාරයකට සහභාගී නොවී සිටින අතර ලෝක යුද සැමරුමට සහභාගී වුවහොත් එය ඔහුගේ පළමු විදෙස් සංචාරය බවට පත් වේ. ඇමෙරිකාවේ දැඩි සම්බාධක හා තර්ජනය මධ්‍යයේ උතුරු කොරියාව යටත් නොවී එම අධිපත්‍යයට අභියෝග කරමින් සිටී. ඔහු මෙවර ලෝක යුද සමරුවට සහභාගී වුවහොත් චීන ජනාධිපති ෂී ජිං පින් හමු වීමේ අවස්ථාවද උදා විය හැකි බව පැවසේ. ඊට අමතරව රුසියානු ජනාධිපති පූටින් සමඟද දෙරටට අදාළ ද්වී පාර්ශවීය වෙළඳ හා ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා හා ගිවිසුම් සඳහා එළඹීමේ අවස්ථාවද ඔහුගේ සහභාගීත්වය තුළ හිමි වන බවට මොස්කව් බලධාරීන් විශ්වාසය පළ කර තිබේ.

Facebook
Twitter
LinkedIn