ජොනීත් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවයි

රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සිටි හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් අද (05) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට සූදානම් බව වාර්තා වේ.

වෙළඳ ඇමතිවරයා ලෙස සතොස ආයතනයෙන් ලබා ගත් රුපියල් මිලියන 05කට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ සඳහා ගෙවීම් පැහැර හැරීම ඇතුළු චෝදනා හිටපු ඇමතිවරයාට එරෙහිව එල්ලවී තිබේ. පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී ඔහු මෙසේ සතොස ආයතන හරහා භාණ්ඩ ලබාගෙන ඇති බව හෙළිවේ. අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn