මෝදි ආණ්ඩුව තුළ සුළු ජාතික කණ්ඩායම්වලට ආගමික නිදහස අහිමි කර ඇති බවට ඇමෙරිකානු ආගමික නිදහස පිළිබඳ කොමිසම නිකුත් කර ඇති වාර්තාව ඉන්දීය මධ්‍යම රජය ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දියානු ව්‍යවස්ථාව හා ඉන්දියානු සමාජය පිළිබඳව අවබෝධයකින් තොරව නිකුත් කර ඇති මෙම වාර්තාව තමන් භාර නොගන්නා බව ඉන්දියානු බාහිර කටයුතු පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
මෙම වාර්තාව සකස කර ඇත්තේ ඇමෙරිකානු කොංග්රස් මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත කොමිසමක් විසින් වන අතර ඔවුන් වර්ගීකරණය කර ඇති ආගමික නිදහස අහිමි රටවල් 30 අතර ඉන්දියාවද ඇතුළත් කර තිබේ. එහි ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි කාණ්ඩයේ රටවල් ගණයට ඉන්දියාවද අයත් වේ.
මෙම වාර්තාව එළිදැක්වීමත් සමග ඉන්දියාව හා ඇමෙරිකාව අතර ඇති රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කෙරෙහිද අහිතකර බලපෑම් එල්ල කළ හැකි බවට වාර්තා පළවේ. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා බවට පත් වීමට පෙර ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයාව සිටි සමයේ ආගමික ගැටුම් ඇවිලවීම අනුබල දීම හා එය වැලැක්වීමට කටයුතු නොකිරීම යන චෝදනාව මත ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කර තිබිණි. එහෙත් ඔහු අගමැති ධූරයට පත්වීමෙන් පසු එම තීරණය ඇමෙරිකාව විසින් වෙනස් කරනු ලැබීය.









