දිවයින පුරා දන්සැල් 3800ක් PHI පරීක්ෂාවට

අද (03) දිනට යෙදී තිබෙන වෙසක් පොහොය නිමිත්තෙන් රට පුරා පැවත්වෙන දන්සැල් 3800කට අධික ප්‍රමාණයක් පරීක්ෂාකර බලා ඒවා සෞඛ්‍යාරක්ෂිතව පවත්වන්නේද යන්න පිළිබඳව සොයා බැලූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

දන්සැල් පරීක්ෂාවේදී ප්‍රමිතියෙන් තෙරව පවත්වාගෙන යනු ලබන දන්සැල් 213ක් සොයාගැනීමට හැකි වූ බවත් එම අඩුපාඩු නිවැරදි කර පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් ලබා දීමට තම සංගමයට හැකි වූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි. පරීක්ෂාකරනු ලැබූ දන්සැල්වලින් විශාල ප්‍රමාණයක් ඉතා සෞඛ්‍යාරක්ෂිත මට්ටමේ පැවැති බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn