වෙසක් දිනයේ මාරක අනතුරු රැසක්!

අද (04) අලුයම 5.00 න් අවසන් වූ ගෙවුණු පැය 24 සිදු මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

වෙසක් පොහොය වෙනුවෙන් වන්දනා ගමන් ගිය පිරිස්ද මෙසේ අනතුරුවලට ලක්වූවන් අතර සිටී. පුත්තලම අනුරාධපුර මාර්ගයේ තබ්බෝව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් සහ අත් ට්‍රැක්ටරයක් ගැටීමෙන් ඊයේ (03) පස්වරුවේ එක් අයෙකු මියගොස් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. මහියංගණය පොළොන්නරුව මාර්ගයේ දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් කාන්තාවක් මියගොස් විසි දෙදෙනෙකු තුවාල රෝහල්ගත කර තිබේ. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල හුන්නදෙණිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් වයස අවුරුදු 24ක් වූ යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ. ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙල ප්‍රදේශයේදී පුද්ගලිය බස් රථයක් පදිකයකු යටකරගෙන යෑමෙන් වයස 70ක් පමණ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ. දඹුල්ල කණ්ඩලම පාරේ සිසිරවත්තේ දී යතුරුපැදියක් කැබ් රියක පිටුපස ගැටීමෙන් 22 හැවිරිදි තරුණයකු මියගොස් ඇති බවත් වාර්තා වේ.

වෙසක් සමය හේතුවෙන් ප්‍රධාන මාර්ගයන්ගේ අධික රථවාහන තදබදයක් පවතින අතර රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මාරක රිය අනතුරු බොහෝමයක් සිදු වී තිබේ.

Facebook
Twitter
LinkedIn