මෛත්‍රී සමීපයය ගිනි අවියක් රැගෙන පැමිණි සෙබලා අත්අඩංගුවට

අප්‍රේල් මස 25 වැනි දින අගුණුකොළපැලැස්ස නගරයේ පැවැති උත්සවයකදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමීපයට ගිනි අවියක් රැගෙන පැමිණි සේනක කුමාර නම් හමුදා කෝප්‍රල්වරයා ඊයේ (02) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අත්අඩංගුවට ගත් හමුදා සෙබලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි කොමාන්ඩෝ බලකායට අයත් සෙබලෙකු බවත් ඔහු එදින නාමල් රාජපක්ෂ සමග එම රැස්වීමට සහභාගී වී ඇති බවත් පසුගිය දිනවල මාධ්‍ය වර්තා කළේය. අත්අඩංගුවට ගනු ලැබූ හමුදා සෙබලා මේ මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn