ජවිපෙ විදෙස් සාමාජිකයින් මැයි දිනයේ

ජනතා විමුක්ති පෙරමුණේ විදෙස් කමිටු නියෝජිතයින් හා ක්‍රියාකාරීන් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට සමගාමීව ලෝකයේ රටවල් ගණනාවකදී මැයි දින රැලි හා පෙළපාලි සඳහා එක්වූ බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේදී පවත්වනු ලැබූ සටන්කාමී, සාර්ථකම මැයි පෙළපාලිය හා රැලිය පැවැත්වීමට එම පක්ෂය සමත් වූ අතර ඉතාලියේ මිලානෝ නගරයේදී, එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේදී, ප්‍රංශය, ජර්මනිය ඇතුළු රටවල් රැසකදී ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පැවැති පෙළපාලි සඳහා එම පක්ෂයේ ක්‍රියාකාරීහු සහභාගී වී තිබේ.

මිලානෝ නගරයේ මැයි දිනයේ අවස්ථා

ලන්ඩන් නගරයේ මැයි පෙළපාලියේ අවස්ථා

Facebook
Twitter
LinkedIn