සිරකරුවන් 1400ක් වෙසක් පොහොය දිනය නිමිත්තෙන් නිදහස් කිරීම අද (03) සිදු වේ. මෙසේ නිදහස් කරනු ලබන්නේ සුළු වැරදි සිදු කළ අය සහ දඩ මුදල් ගෙවාගත නොහැකි වීම නිසා දඬුවම් ලබා දී සිටී සිරකරුවන්ය. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අය එළිමහන් සිරකඳවුරුවල රඳවා සිටි අය සහ බන්ධනාගාර ගතකර සිටි අය මෙසේ නිදහස් කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
වාර්ෂිකව නිදහස් දින උළෙල, වෙසක් පොහොය දිනයේදී මෙවැනි සිරකරුවන් සාමාන්‍යයෙන් නිදහස් කරනු ලැබේ. මෙයට අමතරව පසුගිය ජනාධිපතිවරයාගේ පාලන සමයේදී විවිධ අපරාධවලට වැරදිකරුවන් වූ පුද්ගලයින්ද ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ නිදහස් කරනු ලැබීය. මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ වූවන් පවා ඒ අතර සිටියහ.
Views: 0









