ජවිපෙ මැයි රැලියට ජන ගඟක්!

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට විශාල ජනතා සහභාගීත්වයක් තිබූ අතර මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඒ කෙරෙහි දැඩි ජනතා අවධානයක් යොමු වූ සටන්කාමී මැයි රැලිය බව මාධ්‍ය වාර්තා කර තිබේ.

දහවල් 12.00 ට දෙහිවල එස්.ද එස්. ජයසිංහ විදුහල් ක්‍රීඩාංගනයෙන් ආරම්භ වූ එම මැයි පෙළපාලිය සවස 3.00ට පමණ එම පක්ෂයේ නායකයින් අවසානය දක්වාම පෙළපාලියේ ඉදිරියෙන් ගමන් කරමින් කොළඹ බී.ආර්.සී. පිටියට පැමැණියහ.

මෙවර මැයි දින තේමාව වී තිබුණේ ”ජනතා හඬ – ජනතා බලය දිනවන රතු මැයි රැලිය” යන්නයි. ආකර්ශනීය විශේෂාංග රැසක් මෙවරද මැයි පෙළපාලියට එක් කර තිබූ අතර එම පක්ෂයේ කම්කරු, ගොවි, කාන්තා, ශිෂ්‍ය, තරුණ, ධීවර, ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් විශාල පිරිසක් මැයි පෙළපාලියට එක්වී සිටියේය.

Facebook
Twitter
LinkedIn