සෝවියට් දිවියක මතක සුවඳ එළි දකී

ඉරීනා මලෙන්කෝ රුසියානු ලේඛිකාව විසින් රචනා කරන ලද ‘සෝවියටිකා‘ කෘතියේ පළමු කොටස ‘සෝවියට් දිවියක මතක සුවඳ‘ නමින් අද (02) පස්වරු 3.30 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළිදැකීමට නියමිතය.

මෙම අවස්ථාවට එම කෘතියේ කතුවරිය වන ඉරීනා මලෙන්කෝද සහභාගී වීමට නියමිත අතර එහි ප්‍රධාන දෙසුම් ප්‍රවීණ ලේඛක ගුණසේන විතාන මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරනු ඇත.

ළමා විය සහ යොවුන් විය ගත කළ සෝවියට් යුගය පිළිබඳව කතා කරන ලේඛිකාව සමාජවාදය බිඳ වැටීමෙන් පසු රුසියාවේ තත්වයද ඇගේ අයර්ලන්ත සහ නෙදර්ලන්ත අත්දැකීම් සමග සෝවියට් අත්දැකීම් සංසන්දනය කරමින් ඉදිරිපත් කරයි. නියමුවා ප්‍රකාශනයක් වන සෝවියට් දිවියක මතක සුවද කෘතිය ප්‍රසන්න පෙරේරා මහතාගේ පරිවර්තනයකි.

 

Facebook
Twitter
LinkedIn