වාස් පුහුණුකරු ධූරයෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර බව වාර්තා වේ.

2013 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස් පසුගිය ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තමන් එම තනතුරේ කටයුතු කරන්නේ දැඩි කලකිරීමකින් බවය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ පැවැති දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් ක්‍රීඩකයින්ට, පරිපාලන නිලධරීන්ට හා පුහුණුකරුවන්ට දැඩි බලපෑම් එල්ල වූ බව නොරහසකි. එහිම දිගුවක් ලෙස චමින්ද වාස් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවී ඇති බවට ක්‍රිඩා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn