කතරගම දෙවියන්ගේ භාරකරු නිතරඟයෙන් පත් වේ

ආන්දෝලනාත්මක කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ තේරීමේ නිලවරණය අද (28) පෙරවරුවේ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අතර ඒ සඳහා මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන පියතිස්ස කුමාරගේ මහතා නිතරඟයෙන් පත් වී තිබේ.

මෙම නිලවරණය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ මෙහෙයවීම යටතේ පැවැති අතර සිව් දෙනෙකු බස්නායක නිලමේ තනතුර සඳහා ඉදිරිපත් වී තිබිණි.  බස්නායක නිලමේවරයා ලෙස තේරී පත් වූ පියතිස්ස කුමාරගේ මහතා කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ තනතුරට පත්වූ 11 වන පූද්ගලයා බව වාර්තා වේ.

 

 

Facebook
Twitter
LinkedIn