ආණ්ඩුව විසින් පසුගියදා හඳුන්වා දෙනු ලැබූ අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද වැටුපෙන අය කර ගැනීම අධිකරණ විනිසුරුවන් සඳහා අත්හිටුවා ඇත.
ඒ සම්බන්ධයෙන් වූ ලිපිය අධකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට ප්‍රධාන මූල්‍ය නිලධාරී ආර්.එම්.ඩී.කේ රාමනායක විසින් සියළුම කලාප ගණකාධිකාරිවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් වෙත යොමු කර තිබේ.
“අධිකරණ විනිසුරුවන් සඳහා බදු අය කිරීම සම්බන්ධව අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇති බව දන්වා ඇති බැවින් 2023 ජනවාරි මස අධිකරණ විනිසුරුවන්ගේ වැටුපෙන් අය කරන ලද අත්තිකාරම් පුද්ගල ආදායම් බදු සඳහා වන වෙක්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බැර කිරීම තාවකාලිකව නතර කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.” යැයි එම ලිපියේ සඳහන්ව ඇත.

Views: 0










