රජයේ නව බදු ප්රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය අද (23) කෑම පැයේදී කොළඹ වරාය ප්රධාන පිවිසුම ඉදිරිපිට කාන් ඔරලෝසුකණුව අසළදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීය.
“හොරු රකින – බදු ගහන රනිල් රාජපක්ෂ පන්නමු”, “කරන්න පුළුවන් එකෙකුට දීලා පව් නොදී පලයල්ලා”, “තොපිට සැප – අපිට බදු – වැඩබිම පාරට” “රනිල් රාජපක්ෂ පූට්ටු බද්ද වහා හකුලාගනු” ආදී පාඨ සහිත පුවරු ප්රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ යෙදුණහ.
මෙම විරෝධතාවය පැවති ප්රදේශයේ දැඩි ආරක්ෂාවක්ද යොදා තිබෙනු දක්නට ලැබුණු අතර පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයන්ද එම ස්ථානයට කැඳවා තිබිණි.








Views: 0










