රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සහ විශ්‍රාම වැටුප් ගෙවීම ආර්ථිකයට දරාගත නොහැකි “ශාපයක්“ බව ඒත්තු ගැන්වීමේ ප්රචාරක මෙහෙයුම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව දියත් කර තිබේ.
බන්දුල ගුණවර්ධන ඇමති ආණ්ඩුවේ මාධ්‍ය යොදා ගනිමින් මෙහි තවත් පියවරක් තබා තිබේ. ඔහු රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැය වෙන වාර්ෂික වියදම්වලට වැරදි අර්ථකතන ලබාදී ඇත. 2020දී ඒ සඳහා රුපියල් බිලියන 1,051ක් වැය වූ බවත් 2021 දී එය රුපියල් බිලියන 1,115 දක්වා ඉහල ගිය බවත් එම වියදම් රජයට දරා ගත නොහැකි බවත් දක්වා ඇත.
මෙම සංඛ්‍යා දත්ත දක්වන ආණ්ඩුවේ ඇමති රාජ්‍ය මූල්‍ය මංකොල්ලය වෙනුවෙන් ණය මුදල් යොදවා ගත් හැටි වසන් කරයි. රටේ සංවර්ධනයට බව තියමින් ලබා ගත් ණය සඳහා 2021දී රුපියල බිලියන 1,048ක පොලී මුදලක් ගෙවා ඇත. 2022දී එය රුපියල් බිලියන 1,379 දක්වා ඉහල ගොස් ඇති අතර 2023 වර්ෂය වෙනුවෙන් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,193ක් වී තිබේ.
මේ අනුව 2021 පොලී ගෙවීමට වැය වූ රුපියල් බිලියන 1,048, වර්ෂ 2023දී දෙගුණයකටත් වඩා වැඩිවී තිබේ. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම රජයට මහා බරක් සේ දක්වන ආණ්ඩුව රටට දරා ගත නොහැකි තරම් පොලී මුදල් කන්දරාවක් ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන් කරුණු සඟවයි.









