පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර ඉතා ඉක්මනින් ලබා දීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තු කටයුතු ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අප්‍රේල් 1 දින අමාත්‍ය මණ්ඩලයට MSA/CM/IL/2015 දරණ අංකය යටතේ ලිඛිතව ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කිසිදු මන්ත්‍රීවරයකුගේ ඉල්ලීමකට අනුව නොවන අතර පාර්ලිමේන්තු කටයුතු ඇමති මහින්ද යාපා අබේවර්ධනගේ තනි කැමැත්තට බව අනාවරණය වේ. ලබා දීමට නියමිත වාහනය වරායෙන් ගොඩ බාන විට තීරු බදු රහිත වටිනාකම ඇමෙරිකානු ඩොලර් 55,000ක් හෝ එම අගය නිර්මාණ්ය වන පරිදි විනිමය අනුපාතය ගලපන ලද මුදල් ඒකකයක වටිනාකමට සමාන අගයක් විය යුතු බවට දන්වා තිබේ.
මෙම වාහන වරායෙන් ගොඩබාන අවස්ථාව වන විට වාහනයක වටිනාකම රුපියල් හැත්තෑඑක් ලක්ෂ පනස්දහසක් පමණ (රු.7150,000) වේ. මෙම රථයක වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි දෙකක් ඉක්මවයි.
ඒ අනුව මහ මැතිවරණය පවත්වන අවස්ථාව වන විට මන්ත්‍රීවරුන්හට එම බලපත්‍රය විකුණා රුපියල් කෝටියකට වැඩි ලාභයක් ලබා ගැනීමට හැකි වන අතර එම මුදල් මැතිවරණයට යෙදවීමට හැකිවන පරිදි මෙම බලපත්‍ර හදිසියේ ලබා දේ.
ආණ්ඩුවේ මෙම තීන්දුව හරහා රජයට අහිමි වන ආසන්න බදු මුදල රුපියල් කෝටි 225ක් පමණ වන අතර මෑතකදී දිවුරුම් දුන් ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් 26දෙනෙකුට කැබිනට් ඇමති ධූර, නියෝජ්‍ය ඇමති ධූර, රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දුන් අතර ඒ සඳහාද ජනතා බදු මුදලින් පහසුකම් ලබා දී තිබේ. රාජපක්ෂ පාලනය මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දුන් ආකාරයටම වත්මන් ආණ්ඩුවද මන්ත්‍රීවරුන් රඳවා ගැනීම වෙනුවෙන් මෙසේ අල්ලස් ලබා දෙමින් සිටීම ජන වරමට පිටුපෑමක් බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.








