විපක්ෂ නායක හඹයෙන් කතානායකවරයා ඉවත් වෙයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා පිළිබඳව තීන්දුව ඉදිරි දින කිහිපයේදී අධ්‍යනය කර ලබා දෙන බව ප්‍රකාශ කළ කතානායකවරයා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත්තේ සන්ධානයේ මහලේකම්වරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙසය.

ඊයේ (07) දිනයේදී කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි දින කිහිපයේදී ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යනය කර ප්‍රකාශයක් සිදු කරන බවය. එහෙත් කතානායකවරයා අද සිදු කරනු ලැබූ ප්‍රකාශයත් සමග තව දුරටත් විපක්ෂ නායකවරයා පත් කිරීම අර්බුදයකට යමින් තිබේ.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා ලෙස පත්කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සන් සහිත ලේඛණයක් ඊයේ දිනයේදී කතානායකවරයා වෙත බාර දී ඇති බවද වාර්තා වේ.

ආශ්‍රිත පුවත් :-

කතානායක බෝලය පාස් කරයි

 

Facebook
Twitter
LinkedIn