මේ වනවිට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වශයෙන් සිටින නිමල් සිරිපාලද සිල්වා මහතා ඉවත් කර දිනේෂ් ගුණවර්ධන මහතා ගෙන ඒමට දරන ප්රයත්නයට විරුද්ධව නිමල් සිරිපාලද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ නැගී සිටියේය.
විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ”විපක්ෂ නායක කම දෙන්න ඕන වෙලාවක සූදානම් පිටිපස්සෙන් ඉද පිහියෙන් අනින්නෙපා” යනුවෙන්ය. මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවන කණ්ඩායමක් නිමල් සිරිපාලද සිල්වා මහතාගෙන් විපක්ෂ නායක ධූරය ලබා ගැනීමට සටන් වැදී සිටී.
ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂගේ මෙම කණ්ඩායම ”විකල්ප කණ්ඩායම” වශයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. නිමල් සිරිපාලද සිල්වා අද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් මහින්ද රාජපක්ෂ සමග සෘජුව ගැටීමට ආරම්භ කර ඇති බව පැහැදිලි වේ.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මුල සිටම ප්‍රකාශ කළේ ”සෙටප් කරන ලද විපක්ෂයක්” අනවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා සහ විපක්ෂය පාර්ලිමේන්තුවේ පැහැදිලිව සිටිය යුතු බවය. ඒ අනුව විපක්ෂ නායකවරයකු පත් කරන ලෙස එම පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් කතානායකවරයාගෙන් කරන ලද ඉල්ලීම අනුව ඊයේ විපක්ෂ නායකවරයකු පත්කර ගැනීමට නියමිතව තිබුණද කතානායක එම වගකීම පැහැර හැර මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා වෙත පවරා තිබේ.









