කතානායක බෝලය පාස් කරයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටලුව නිරාකරණය කර වැරදි පූර්වාදර්ශ අනාගතයට ලබා නොදෙන මෙන් ජනතා විමුක්ති පෙරමුණ කතානායකවරයාගෙන් කළ ඉල්ලීමට අනුව අද (07) දිනයේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ කතානායකවරයාගේ තීන්දුව ලබා දීමට නියමිතව තිබුණද ඔහු එම තීන්දුව ලබා නොදී මඟහැර ගියේය.

විපක්ෂ නායකවරයා සම්බන්ධ ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ කතානායකවරයා පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේ එය බෙහෙවින් සංකීර්ණ ප්‍රශ්නයක් බවත් සියුම්ව අධ්‍යනය කර පිළිතුරු ලබා දිය යුතු බවත්ය. මේ අනුව විපක්ෂ නායක පත් කිරීම කතානායකවරයා විසින් දින නියමයක් නොමැතිව මඟහැර ගියේය. කතානායකවරයා මෙහෙදී ප්‍රකාශ කළේ පක්ෂ නායකයන් එක්වී සාකච්ඡාකර ඒ පිළිබඳ තීරණයක් ගන්නා ලෙසය.

Facebook
Twitter
LinkedIn