මහින්ද පීකොක් මන්දිරය මිලට ගත් බව තහවුරු වේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒ.එස්.පී. ලියනගේ නම් දේපල ජාවරම්කරුවාට අයත් පීකොක් මන්ධිරය රුපියල් කෝටි 45කට මිලදී ගෙන ඇති බව තහවුරු කෙරෙන සාක්ෂි හමුවී තිබේ. මහින්ද රාජපක්ෂ විසින් මෙම මන්දිරය මිලදී ගෙන ඇති බව අප වෙබ් අඩවිය මුලින්ම හෙළි කළේ පසුගිය 3වැනි සිකුරාදාය.

ඉන් පසුව පුවත්පත් සහ වෙබ් අඩවි ගණනාවක් මේ බව තහවුරු කරන සාක්ෂි ඉදිරිපත් කළේය. මහින්ද රාජපක්ෂගේ කේන්දරයට ගැළපෙන පරිදි පීකොක් මන්දිරයේ බාහිර වෙනස්කම් කරන ආකාරය පෙන්වන ඡායාරූප රාවය පුවත්පත මගින් හෙළිකර තිබිණ. ලංකාදීප වෙබ් අඩවිය එම මන්දිරයේ අභ්‍යන්තරයේ පවා සිදු කරමින් තිබෙන වෙනස්කම් පිළිබඳව ඡායාරූප පළ කර තිබිණ. මේ අතර ලංකා ප්‍රොපර්ටි සමාගමේ වෙබ් අඩවිය විසින් මෙම නිවාසය රුපියල් කෝටි 45කට විකිණීම පිළිබඳව දැන්වීම පළ කර තිබිණ.

මේ සියලු සාධකවලින් තහවුරු වන්නේ මහින්ද රාජපක්ෂ විසින් පීකොක් මන්දිරය මිලදී ගෙන ඇති බවය. එහි මාසික කුලිය රුපියල් ලක්ෂ හතරක් වන නමුත් ඒ.එස්.පී. ලියනගේ විසින් මහින්ද රාජපක්ෂට එය නොමිලේ ලබා දුන් බව පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබා දෙමින් ඔහු ප්‍රකාශ කර තිබිණ. එහෙත් එය සාවද්‍ය ප්‍රකාශයක් බව අප වෙබ් අඩවිය හෙළි කළේ ඒ.එස්.පී. ලියනගේගේ ව්‍යාපාරික තොරතුරු පදනම් කරගෙනය.

ආශ්‍රිත පුවත් :-

මොණර භවනත් මහින්ද මිලට ගනී!

Facebook
Twitter
LinkedIn