මහින්දගේ මස්සිනා ශ්‍රී ලංකන් ඩුබායි බැංකුවටක උකස් තියාලා!

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෙවත් එයාර් ලංකා සමාගමේ හිටපු සභාපතිවරයා ඩුබායි මෂ්රෙක් බැංකුවෙන් රුපියල් මිලියන 23,079ක ණය මුදලක් භාණ්ඩාගාර ඇපය මත ලබා ගෙන ඇති බව හෙළි වේ. 2014 වසර මැද රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති වාර්තාවෙන් මේ බව අනාවරණය වේ.

භාණ්ඩාගාරයේ ඇපය මත ණය ලබා ගැනීමෙන් සිදු වන්නේ අදාළ සමාගම එම ණය මුදල නොගෙවුවහොත් මහා භාණ්ඩාගාරය විසින් එය ගෙවා දැමීමය. මෙවැනි ණය සාමාන්‍ය උකස් ණයකට සමාන වේ. මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩුබායි බැංකුවෙන් ලබාගෙන තිබෙන ණය මුදල ඉතා විශාල උකස් ණයක් ලෙස හැදින්වීම නිවැරදි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙයට අමතරව 2014 වසර අවසන් වනවිට එම සමාගමේ නොපියවූ බැංකු ණය ප්‍රමාණය රුපියල් මිලියන 30,172ක් වන අතර එම වර්ෂයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 8,400ක් වූ බවද හෙළි වේ.

නිශාන්ත වික්‍රමසිංහ හිටපු සභාපතිවරයා යටතේ සිදු කර තිබෙන වංචා සහ දූෂණ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව අගමැතිවරයාට භාර දී තිබුණත් මේ දක්වා එහි සවිස්තර හෙළි වී නැත.

Facebook
Twitter
LinkedIn