අධිපතිට නැති නීතිය මහ කලමණාකරුට

ශ්‍රී ලාංකිකයින් 64 දෙනෙකු පමණක් වාසය කරන ෂී ෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් පිහිටුවීම ඇතුළු චෝදනා මත ලංකා බැංකුවේ මහ කලමණාකරු ඩී.එම්. ගුණසේකර මහතාගේ වැඩ තහනම් කිරීමට මුදල් අමාත්‍යංශය ඊයේ (06) දිනයේදී කටයුතු කර තිබේ.

මහ කලමණාකරු සතු බලතල අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර වැඩ බලන මහ කලමණාකරු ලෙස පී.ජේ.ජයසිංහ මහතා පත්කිරීමටත් මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබේ.

2011 වසරේදී ලංකා බැංකුවේ ශාඛාවක් ෂී ෂෙල්ස් රාජ්‍යයේ විවෘත කර ඇත්තේ මහ බැංකුවේ අනුමැතියකින් තොරව බවත් කලමණාකාරීත්වය සඳහා අනුමැතියකින් තොරව පිරිස් යවා ඇති බවටත් වන චෝදනා ඔහුට එල්ල වී තිබේ.

මහා පරිමාණ මුදල් වංචාවක් සිදු කරමින් පසුගිය පෙබරවාරි 7 වෙනිදා සිදු කරන ලද භාණ්ඩාගාර බැදුම්කර අලෙවියේ ප්‍රධාන චූදිතයා වී සිටින මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වැඩ තහනමකට ලක් නොකර දිගමට සේවයේ යෙදී සිටින අතර බැදුම්කර චෝදනා විමර්ශනය කිරීමට අගමැතිවරයා කමිටුවක් පත් කළේය. එහෙත් මෙහිදී ලංකා බැංකුවේ මහා කලමණාකරු වැඩ තහනමකට ලක් කර පරීක්ෂණ පැවැත්වීමට ක්‍රියා කර තිබේ. දින 100 ඇතුළත අනුගමනය කළ මෙම පරස්පර විරෝධී ක්‍රියාමාර්ග දෙක පිළිබඳව ආර්ථික විශ්ලේෂකයෝ බලවත් විමතිය පළ කරති.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ස්වේච්ඡාවෙන් නිවාඩු ලබා ගෙන සිටින බව සඳහන් කරමින් ඩොලර් 9000ක මාසික වැටුපක් ලබා ගන්නා බවට තොරතුරු හෙළි වී තිබේ.

 

Facebook
Twitter
LinkedIn