දුප්පත් කම තුළින් ඇති වන මානසික ආතතිය ළඳරු උපත්වලට පෙර සිටම මොළයේ වර්ධනය කෙරෙහි බලපෑමක් ඇති කරන බව සිදු කරනු ලැබූ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම පරීක්ෂණය සිදු කර තිබෙන්නේ නිව්යෝර්ක් නුවර කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ විද්‍යාඥ නෝබල් සහ ලොස් ඇන්ජලීස් නුවර ළමා රෝහලේ පරීක්ෂක කණ්ඩායමක් ළමයින් 1090 කගේ ප්රතිරූප සහ වැඩිහිටි පිරිස් සම්බන්ධ කර ගනිමින් පැවැත්වූ ජීව විද්‍යාත්මක විශ්ලේෂණයක් හරහාය.
එහිදී ඔවුන් සොයාගෙන ඇත්තේ වාර්ෂිකව ඩොලර් 25000ට වඩා අඩු ආදායම් ලාභීන්ගේ මොළයේ වර්ධනය ඉහළ ආදායම් ලබන්නන්ගේ වර්ධනයට වඩා 6%ක අඩුවක් පෙන්නුම් කර ඇති බවය.
ලෝක ජනගහනයෙන් තුනෙන් එකකටත් වඩා මන්ද පෝෂණයෙන් පෙළෙන බවත් සෑම තත්පර හතරකට වරක් ලොව කොතැනක හෝ මන්ද පෝෂණය නිසා වසර 5කට අඩු ළමයකු මිය යන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනාවරණය කරයි.
Views: 0









