අප්‍රේල් 7 වන දින සිට සියලුම ජංගම දුරකතන සමාගම් පෙර ගෙවුම් පැකේජ් සඳහා ඇමතුම් ගාස්තු 25%කින් අඩු කිරීමට නියමිතය. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය තුළින් දුරකතන ගාස්තු 25%කින් අඩු කරන බවට යෝජනා කරනු ලැබූ අතර ඒ අනුව මෙම තීරණය හෙට සිට ක්‍රියාත්මක වෙනු ඇත. එය පෙර ගෙවුම් පැකේජ සඳහා පමණක් බව වර්තා වේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී දුරකතන සමාගම් ගාස්තු අඩුකිරීමට සූදානම් වූ අවස්ථාවේදී එය නවතාලීමට කටයුතු කළ අතර ස්ථාවර ගාස්තුවක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව එතෙක් මිනිත්තුවක් සඳහා පැවති ස්ථාවර ගාස්තුව වැඩිකිරීමට කටයුතු කළේය.
Views: 0









