යේමනයේ කොටු වී සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් පිරිසක් චීනය බේරාගනී

යේමනයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසෙන් 44 දෙනෙකු චීන නෞකාවක් මගින් බේරාගෙන ජිබූටි රාජ්‍ය වෙත රැගෙන එන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ. මෙම පිරිස මුදා ගෙන ඇත්තේ යේමනයේ හොඩ්ඩා වරායේ සිට අද (06) දහවල් කාලයේදී බව පැවසේ. තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකට එම නෞකාවට ඇතුළු වීමට අවස්ථා නොලැබුණු බවද වාර්තා වේ.

යෙමනයේ මේ වනවිට දරුණු ගැටුම් පවතින අතර හවුති කැරලිකරුවන් එරට වැඩි ප්‍රදේශයක පාලන බලය අත්පත් කරගෙන සිටී. ඔවුන්ට එරෙහිව සෞදි අරාබි ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරන අතර යේමනයේ ආරක්ෂක තත්වය දැවැන්ත අර්බුදයකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Facebook
Twitter
LinkedIn