Video: ජාතික විධායක සභාවේ ඉරණම ගැන තීන්දුව හෙට

තව දුරටත් ජාතික විධායක සභාව තුළ සිටිමින් කටයුතු කරනවාද යන්න පිළිබඳව හෙට (02) දිනයේදී පැවැත්වෙන ජාතික විධායක සභා රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

අද (01) උදෑසන සිරස රුපවාහිනියට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුව දින 100 වැඩපිළිවෙල පසෙක තබමින් හවුල් ආණ්ඩුවක් ගොඩනගා ජනවරමට පටහැනිව කටයුතු කරමින් සිටින බවත් මහා පරිමාණ වංචා දූෂණයන්ට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා වෙනුවට ඔවුන් ආරක්ෂා කරමින් සිටින බවටත් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn