සෞඛ්‍ය සේවාව ජනතාවට තර්ජනයක් වී ඇති ආකාරය අලුත්ම වාර්තාවකින් එලියට

සෞඛ්‍ය සේවාව ජනතාවට තර්ජනයක් වී ඇති ආකාරය අලුත්ම වාර්තාවකින් එලියට

පැවති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ සෞඛ්‍ය සේවාව කඩා වැටෙමින් තිබෙන ආකාරය දැක්වෙන තොරතුරු මහ බැංකුවේ වාර්තාවකින් හෙළිවේ.

“මෑත කාලීන ආර්ථික ප්‍රවනතා” නම් එම වාර්තාවෙන් හෙළිකර තිබෙන්නේ පසුගිය වසරට වඩා මෙම වසරේ මුල් කාලය තුළ ඩෙංගු රෝගීන් 400%කට ආසන්න මට්ටමකින් ඉහල ගොස් ඇති බව ය. ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ රසායන ද්‍රව්‍ය හිඟකම සහ ඉන්ධන හිඟය හේතුවෙන් රෝගීන් ගණන ඉහල යාම සිදුවී ඇති බව එම වාර්තාවේ දැක්වේ. පොදුවේ සෞඛ්‍ය සේවාව කඩා වැටීමෙන් ජනතාව දැඩි අනතුරුදායක පත්ව ඇති බව එහි වැඩි දුරටත් සඳහන් ය.

Facebook
Twitter
LinkedIn