රනිල් අධිකරණය ඉදිරියේ දිගටම ෆේල්

අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් සහ පනත් සංශෝධන කෙටුම්පත් ගණනාවක්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමෙන් පසු අසමත් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ප්‍රතිපාදන පවා උල්ලංඝණය වන පරිදි අදාළ කෙටුම්පත් සකස් කර තිබීම එම තීන්දු ලබාදීමට හේතු විය. මේ නිසා අදාළ සංශෝධනයන්ට අයත් වගන්ති 90%ක් පමණ ඉවත් කර ගැනීමට සිදු වූ අවස්ථාවද හෙළිවී තිබිණි. විදුලිබල මණ්ඩල සංශෝධන පනත සහ පුනරුත්තාපන පනත මේ බව තහවුරු කෙරෙන පනත් කෙටුම්පත් දෙකකි.

ඊට අමතරව අධි ආරක්ෂිත කළාප ගැසට් නිවේදනය සහ හදිසි නීතිය සංශෝධන පනත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම නිසා හකුලා ගැනීමට සිදුවිය.

Facebook
Twitter
LinkedIn