ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී එකිනෙකට සම්පූර්ණයෙන් පරස්පර තත්වයන් සියල්ලට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 18 දෙනෙකු පිළිබඳව හෙළිදරව් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ වගවීම් පිළිබඳ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනු ලබන manthri.lk වෙබ් අඩවිය මෙයට අදාළ සවිස්තර වාර්තාවක් හෙළිදරව් කර ඇත. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 18,19,20,21 යන අවස්ථා 5කදී එම මන්ත්‍රිවරුන් 18 දෙනා එකිනෙක්ට පරස්පර වූ තත්වයන්ට ඡන්දය ලබාදී තිබේ.
සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් 18 දෙනෙකුගේ නම් මෙම ලැයිස්තුවේ ඇති අතර 17 වෙනි සංශෝධයෙන් ප්රජාතන්ත්රවාදී අවකාශ පුළුල් කිරීමේ දිශාවට පියවර තබනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා ජනාධිපති ධුරය දැරූ අවධියේදී එම සංශෝධනය සිදු කළ අතර මහින්ුද රාජපක්ෂගේ දෙවන ධුර කාලයේදී පෙර තිබූ තත්වයටත් වඩා ඒකාධිපති බලතල ජනාධිපති වටා ගොනු කර ගත් 18 වෙනි සංශෝධනය සම්මත කර ගනු ලැබීය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමයේ 19 වෙනි සංශෝධනය සම්මත කර ගෙන ස්වාධීන කොමිෂන් සභා පත්කරමින් වඩාත් ප්රජාතන්ත්රවාදී අවකාශයක් නිර්මාණය කරනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ විසින් එය මුලුමනින්ම අහෝසි කරමින් 20 වෙනි සංශෝධනය ගෙන ආ අතර ජනාධිපති සතු ඒකාධිපති බලතල ඉතාම අවමක් වෙනස් කරමින් 21 වෙනි සංශෝධනය සම්මත කර ගනු ලැබීය.














